(ලංකා ඊ නිව්ස් -2016.මාර්.15, ප.ව.7.30) වර්තමාන ආණ්ඩුව තවත් වසර 05 ක් යන තුරු වැට්ටවීමට කිසිවෙකුටත් නොහැකි නිසා ශ්රීලනිපය විනාශ කිරීමට උත්සාහ ගන්නා අයට එරෙහිව පියවර ගැනීමට පක්ෂය පසුබට නොවන බව සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස් බී දිසානායක මහතා පවසයි.
කෙසේ වෙතත් පක්ෂයේ අයට එරෙහිව පියවර ගැනීම පක්ෂ මධ්‍යම කාරක සභාව මගින් ගතයුතු තීරණයක් බවත්, එසේම එය පක්ෂයට අවම හානියක් සිදුවන අයුරින් ගත යුතු තීරණයක් බවත් ඇමතිවරයා පැවසුවේ (අද 15) පැවැති මාධ්‍ය හමුවකදීය.
ලබන 17 දා ශ්රීලනිපය කැඩීමේ රැස්වීමට සහභාගී වන මහජන නියෝජිතයන්ට පාක්ෂිකයන්ට අනතුරු අඟවමින් වර්තමාන දේශපාලන තත්වය පිළිබඳව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසූ ඇමති දිසානායක අතීතයේ පක්ෂයට එරෙහිව ගිය අයට විරුද්ධව ගත් ක්‍රියාමාර්ග ගැන විස්තරයක් ද ගෙන ආවේය.
බැසිල් රාජපක්ෂ මහතාගේ අතීත ක්‍රියාකාරකම් අනුව ඔහු ඩීල් දැමීමට දක්ෂයෙකු බව ඔප්පු කර ඇති බවත් කියු ඇමතිවරයා ඔහුගේ ආගමනයට රාජපක්ෂ පවුලේම අය විරුද්ධ වී ඇතැයි ද පැවසුවේය.
මාධ්‍ය හමුවේදී දිසානායක ඇමතිවරයා මෙසේද කීවේය.
“මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට එල්ල වූ විවිධ චෝදනා වලට ආණ්ඩුව දැක්වූ නිහඩතාවය නිසා බොහෝ පිරිස් වලට ආණ්ඩු වෙනසක් වුවමනා වුනා. එදා රජයේ හා පුද්ගලික සියළු මාධ්‍ය වැඩ කළේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් . ඒත් අපි පැරදුනා. අපිට සුළු ජාතික ඡන්ද නැති වුනා.
මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලනිපයේ සභාපතිකම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට දීමෙන් අපේ පාක්ෂිකයින්ට ගැම්මක්, හයියක් ඇති වුනා මෛත්‍රිපාල ජනාධිපතිවරයා ඉතා ප්රජාතන්ත්රවාදී වීම නිසා, සමහරුන්ට විපක්ෂයේ ඉන්න ඕන වුනාම ඒකටත් ඉඩ දුන්නා.
අද වන විට සමහරුන්ට වෙනත් ගමනක් යන්න වුවමනා වෙලා. අතීතයදි මෙවැනි අවස්ථා ශ්‍රීලනිපයට උදා වුනාම වෙනත් ගමනක් යන්න ගිය අය ඉවත් කරලා අළුත් අයව ඇතුලට ගත්තා. මැතිණිය 19 න් 14 ක්ම ඉවත් කරලා අලුත් අය ගත්තා.
මේ වෙන ගමනක් යන්න දඟලන අයගෙන් මං අහන්නේ රාජපක්ෂ පවුලට තියෙන චෝදනාවලින් නිදහස් කර ගන්නද මිනිස්සු රටට අළුත් ජනාධිපතිවරයෙක් පත්කර ගත්තේ ?
පවතින නීතිය අනුව මහජන නියෝජිතයකුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටවුවහොත් ඔහුගේ මන්ත්‍රී තනතුර අහෝසි වෙනවා .මේ නීතිය ප්‍රේමදාස ජනාධිපති තුමාගේ කාලයේ දී හරියටම ක්‍රියාත්මක වුනා.
17 වෙනිදා පක්ෂයේ සමහරුන් කරන්න හදන දේ පක්ෂයට හා රටට හානිකරයි. මේකට ශ්‍රීලනිප පාක්ෂිකයින් කිසිදු ඉඩක් වගේම වචනයකින් වත් ආධාර දෙන්න එපා.“
එස්බී ඇමැතිවරයාගේ අතිශය වැදගත් සම්පූර්ණ කතාව මෙතැන ක්ලික් කිරීමෙන් ශ්‍රවනය කළ හැකිය.
---------------------------
by (2016-03-15 15:27:00)