(ලංකා ඊ නිව්ස්- 2016.මාර්.14, ප.ව.6.10) කටාර් රාජ්‍යෙය් සේවය කරනා ශ්‍රී ලාංකිකයෝ කටාර් හි ශ්‍රී ලංකා තානාපති කාර්යයාලයේ අවිධිමත් වැඩ පිළිවෙල නිසා බොහෝ පීඩා විඳින්නෝ වෙති.
මෙම ශ්‍රී ලංකා තානාපති කාර්යයාලයේ සේවය කරන්නෝ එය සේවයක් ලෙස නොව තනිකරම ව්‍යාපාරයක් කරගෙන සිටිති. එහි කිසිදු සේවයක පිළිවෙලක් ඇත්තේ නැත. එයින් යම් සේවයක් එ් දවස තුලම ලබා ගැනීමට ඇවැසි නම් උදෑසන 6 ට පමණ ගොස් එහි ඉදිරි පිට පෝලිමේ සිටිය යුතුය . එසේ පෝලිමේ සිටිනා ලෙස එහි මුර සේවයේ සිටිනා කටාර් පොලිස් නිලධාරියාද සැරෙන් අණ දෙන විට අපේ මිනිසුන් සැබෑ ලෙසම අසරණ වෙති . ඇතැම් අවස්ථාවන් හිදී මේ පොලිස් නිලධාරීන් කොල කැබලි ඉරා අංක ලියා දෙති . මේ කුමන තත්වයක්දැයි දන්නේ ඔවුනුත් උඩ ඉන්නා දෙවියනුත් පමණක් වන්නේ ඇතැම් දිනයන්හී තානාපති නිලධාරීන් එම අංක නොතකාම පෝලිමේ සිටිනා අයට නැවත අංක ලබා දෙන නිසාය
තානාපති කාර්යයාලය විවෘත කරනට ඇත්තේ උදේ 8 ට නමුත් එහි නිලධාරීන් පැමිණෙන්නේ ද 8 ටය .
පැමිණෙන නිලධාරීන් දෙදෙනෙකු පෝලිමේ සිටිනා කොන්ත්‍රාත් අනුමැතිය ට පැමිණි අයට අංක ලබා දෙන්නේ දිනය හා අංකය සීල් දෙකක් මගින් එම පත්‍රිකාවල සටහන් කරමිනි . යමකු අත කොන්ත්‍රාත් පත්‍රිකා 10 ක් තිබුණහොත් ඒ දහයටම වෙන් වෙන් වශයෙන් අංක සටහන් කරයි . මෙහි මහත් පුදුමය වන්නේ කොතරම් සෙනග සිටියද එම අංක දිනකට ලබා දෙන්නේ සියයක් පමණක් වුවද එක් අයෙකුට කොන්ත්‍රාත් අනුමැතියට ලේඛන දිය හැකි ප්‍රමාණයක් නැතිවීමය. පාන්දර පැමිණියෝ පසුපසට වෙති. ගත සවි ඇත්තෝ ඉදිරියට පැන අංක සටහන් කර ගනිති. මේ අංක ඇවැසි කොන්ත්‍රාත් අනුමත කර ගැනීමටය. අන් කරුණු සඳහා ආ අය ගේට්ටුව විවෘත කළ විට තානාපති කාර්යයාලය තුලට දිව යා යුත්තේ මීටර් 100 දුවනා වේගයෙන්ය . මන්ද යත් එහි පෝලිම් වල මුල අල්ලා ගන්නටය.
කවුන්ටර් ඇත්තේ 4 කි. එකක මුදල් ගෙවීම්ය. ඔහු මහළු අයෙකි. වැඩකිරීමේ වේගය නම් ගොළුබෙල්ලා පරදයි. අනිත් කවුන්ටර් වල සේවකයෝ එන්නේ ද ප්‍රමාද වීය. ඒ නිසා ඉන්නා අය ඒ වැඩත් තම කවුන්ටරයෙන් කරන්නට පටන් ගනී. එතැන තදබදය ට එතැන කරච්චරලයට වඩා අපේ ශාන්ත ජෝන් මාළු කඩේ හොඳය .
නමුදු රියාල් 50 ක් පගාව දිය හැකිනම් උදේ පාන්දර ආ යුතු නැත. එහි පොටෝ කොපි ගන්නා කෙනා හෝ ඉදිරිපස කවුන්ටරයේ විමසීම් නිලධාරියා මගින් එය කර ගත හැකිය. එවිට සියල්ල පිටපාරෙන් කෙරී අතටම ලැබෙයි මේවා දැන විරුද්ධ වන්නෝ නිහඬ කරන්නේ ද මේ දෙන්නා එක්වීමෙනි.
“ කෑ ගහන්න එපා, ඔයා පී ආර් ඕ ද කොම්පැණියේ “ නැත්නම් “ඔයාට මේවා බාරදෙන්න බැහැ“ නමුදු එවැනි නීතියක් පිළිබඳව මෙහි කිසිදු දැනුවත් කිරීමක් ඇත්තේ නැත. ඒ ගැන පමණක් නොව ජනතාවට ඇවැසි කිසිදු දැන්වීමක්ද මෙහි නැත .
යමක් ඇත්නම් විමසීම් කවුන්ටරයේද සිරවී තෙරපී අසා දැනගත යුතුය. “ඇයි මෙහෙම වන්නේ?“ යැයි ඇසුවොත් ඔවුන් එම පුද්ගලයාට තර්ජනය කරන්නට පෙළඹෙයි. සැබැවින්ම මේ අපේ රටෙන් ආ අපට සේවය කරනා පිරිසක්ද නැතහොත් අපේ ජන්ම වෛරක්කාරයින් පිරිසක් දැයි අපටම දුක සිතෙයි.
මේ ඒ සියල්ල දැනුම් දෙන්නේ ඉතා සරළවය. සැබැවින්ම මෙහි තත්වය අති දූෂිතය. මෙහි අරක්ගත් බහිරවයින්ට නම් කිසිදු අවුලක් නැත. දැන් ඉන්නේ මහාචාර්ය තානාපති වරයෙකි. ඒ නිසා පෙර තත්වයන් වියැකී යම් ක්‍රමවත් බවක් වේ යැයි අපි ද සිතුවෙමු. නමුදු එය එසේ නොවේ. සත්තකින්ම ඉතා සුළු පෙලගැස්මකින් මේ සියල්ල අපේ රටවැසියාට යහපත් කල හැක. එය අපටද පෙන්වා දිය හැකි ඉතා සරළ කරුණක් වුවත් ඒවා අසන්නේ කවුරුන්ද ?
අප මෙහි සැප විඳින්නෝ නොවෙමු. කරුණාකර මේ අප පෙලනා මෙම තනාපති කාර්යයාලයේ ක්‍රමය වෙනස් කරන්නට මගක් සදන්නැයි අප උදෙක්ම ඉල්ලා සිටින්නේ ඒ නිසාය. අප ට යම් සේවයක් ලබා ගැනීම සඳහා දින 2-3 යා නොහැකිය. මෙම තානාපති කාර්යයාලයේ අය මේ රටේ නිවාඩු ගනිති. ඒ ලෙසින්ම ලංකාවේ නිවාඩුද ගනිති. සිකුරාදා යනු අසරණ කම්කරුවාට නිවාඩුවක් නොදමා මෙහි යා හැකි දිනයයි. නමුදු එදිනට මොවුන් ද නිවාඩුය.
එහි කිසිදු විස්තරයක් දැන්වීම් මගින් ප්‍රසිද්ධ නොකරයි. ප්‍රසිද්ධ කර ඇති එකම දැන්වීම තානාපති කාර්යයාලය හෙට වසා ඇති බවට වූ පැරණි දැන්වීමක් හා කාර් පාර්ක් කළ යුත්තේ කොහේද යන දැන්වීමක් පමණි.
මේ අපට කරනා සේවයක් නම් නොවේ අප ත්‍රස්ත කරවා තලා පෙලා මුදල් හම්බකිරීමකි.
තවත් බොහෝ දේ කීමට ඇතත් යම් විසඳුමක් පතා අදට නවතිමි.
-සංඛ පනාගොඩගේ-
---------------------------
by (2016-03-14 12:46:56)