(ලංකා ඊ නිව්ස්- 2016.මාර්.14, ප.ව.5.30) ඊයේ මුළු දිවයිනට බලපාන අයුරින් විදුලි බලය බිඳ වැටීම නිසා සාමාන්‍ය ජන ජීවිතය අඩාලව, අප සැමටම බොහෝ අපහසුතාවන්ට හා දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුවිණි. මේ පිළිබඳව රජය වෙනුවෙන් බලවත් කණගාටුව පළ කර සිටින්නෙමි.
කෙටි කාලයක් තුළ මේ අයුරින් විදුලිය බිඳ වැටුණු තුන්වෙනි අවස්ථාව මෙයය. එය ඉතා බරපතල තත්ත්වයකි. මෙවැනි සිදුවීම් සඳහා තවදුරටත් සමාව දිය නොහැකිය.
ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මා සමගත්, අදාළ අමාත්‍යතුමන් හා නියෝජ්‍ය අමාත්‍යතුමන් සමගත් සාකච්ඡා කොට උපදෙස් ලබා දුන් අතර, අද දහවල් මාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි.
එහිදී මේ අයහපත් තත්ත්වය පිළිබඳව අවශ්‍ය පියවර ගැනීම කඩිනම් කිරීමට තීරණය කෙරුණු අතර, ගරු විදුලිබල අමාත්‍යතුමන් විසින් සිද්ධිය පිළිබඳ සියළු තොරතුරු ලබන 23 වන දා පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කිරීමට ද කටයුතු කරනු ඇත.
අනාගතයේ මෙවැනි තත්ත්වයක් ඇති නොවීම සඳහා අවශ්‍ය තිරසාර පියවර ගැනීම ආණ්ඩුවක වගකීමකි. වර්තමානයේ පවත්නා තත්ත්වය උදාවීමට හේතු වූ කරුණු සොයා බලා, දීර්ඝ කාලීන පියවර ගැනීම ද අනිවාර්යයෙන්ම සිදු විය යුත්තකි.
මෙම සාකච්ඡාවේදී නැවත අවාධාරණය කෙරුණු ප්‍රධාන කරුණක් වූයේ විදුලිබල උත්පාදනය පිළිබඳ දූරදර්ශී සැලැස්මකින් තොරව කටයුතු කිරීමේ විපාක අද දවසේ විදින්නට සිදු වී ඇති බවය.
මීට කලින් විදුලිබල ශක්ති උත්පාදනය හා බෙදා හැරීම සම්බන්ධව පැවැත්වූ සාකච්ඡා වට කීපයක්ම පැවැත්වූ අතර, වර්තමානයට හා අනාගත අභියෝගයන්ට සරිලන නිසි සැලැස්මක් විදුලිබල මණ්ඩලය සතුව තිබුණේ නැත. ඒ නිසා මණ්ඩලයට පරිබාහිර දේශීය හා විදේශීය උපදේශකවරුන්ගේ සේවය ලබා ගනිමින් නව සැලැස්මක් සකස් කිරීම සඳහා කටයුතු සම්පාදනය කරමින් සිටින්නෙමු.
විදුලි බිඳවැටීම් සඳහා වගකිව යුතු පාර්ශවයන් හෝ පුද්ගලයන් පිළිබඳව සොයා බැලීමේ පරීක්‍ෂණ දැනටමත් ආරම්භ කර ඇති බව ද මෙහිලා සිහිපත් කරමු.
ජනතා වරමින් අප බලයට පත් වූයේ ජනතා අභිලාෂයන් ඉටු කරලීමටය. එහෙයින්, ජනතාවට හැම විටම අඛණ්ඩ විදුලිබල සේවාවක් ලබා දීමට අවශ්‍ය කෙටි කාලීන හා මධ්‍ය කාලීන විසඳුම් සෙවීමට අපි ප්‍රමුඛත්වය ලබා දෙන්නෙමු. ඒ සඳහා අවශ්‍ය වන්නාවූ ප්‍රතිසංස්කරණ, ප්‍රතිසංවිධාන හෝ ප්‍රතිව්‍යුහගතකිරීම් ඉටු කරලීමට ද අපි කටයුතු කරන්නෙමු.
2016 මාර්තු 14
---------------------------
by (2016-03-14 12:03:13)