(ලංකා ඊ නිව්ස් -2016.මාර්.13, ප.ව.11.50) ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට පැය 9 ක් පුරා දිවයින පුරා විදුලි බලය බිඳ වැටීම අසාමාන්‍ය තත්ත්වයක් තුල කරන ලද කඩාකප්පල් කාරී ක්‍රියාවක් බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.
ප්‍රථම බිඳ වැටීම වූයේ මහවැලි බලාගාර වලින් නිපදවන අධි සැර විදුලිය රැගෙන අඩු සැර විදුලියට පරිවර්තනය කර බෙදාහරින බියගම මධ්‍යස්ථානයේ දීය. එහි විදුලිය බෙදාහරින Transformer 6 ක් තිබේ. ඒ හයෙන් එක් යන්ත්‍රයක් විශාල නිවසක් තරමේ එකක් වන අතර එවැනි විශාල එක් යන්ත්‍රයක් කෑලි කෑලි වලට කැඩී යන අන්දමින් විනාශ වීම ප්‍රථම බිඳවැටීම වූ අතර එය සාමාන්‍ය තත්ත්වය ඉක්මවා ගිය එකක් බව ඇසින් දුටු ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයේ අය පවසයි.
සවස 2.15 ට පමණ වූ මේ ආපදාව සිදුවන අවස්ථාවේදී රටේ කිසිදු අකුණු කෙටීමක්, වර්ෂාව සම්බන්ධ අවස්ථාවක් ආදී කිසිවක් නොතිබූ අතර පරිසර තත්ත්වය සාමාන්‍ය මට්ටමේ තිබිණ. සත්‍ය තත්ත්වය නම් වැස්සක් පැත්ත පළාතකවත් නොතිබිණ.
එවන් පාරිසරික තත්ත්වයකදී පෙර කී Transformer එකක් කෑලි කෑලි වලට කැඩී යන තරමේ විනාශයක් සිදුව තිබියදී පවා අදාල නිලධාරීන් සත්‍ය තත්ත්වය ඉහලට දැනුම් දී නොතිබීම විශාල සැක කටයුතු සිද්ධියකි. එම දැනුම් නොදීම නිසාම ආපදාව යලි ප්‍රති නිර්මාණය කිරීමට අති මහත් බාධා සිදුවී ඇත. එනිසාම මෙය ප්රතිවිප්ලවකාරීන්ගේ කුමන්ත්‍රණයක් බවට විශාල සැකයක් පහල වී ඇත.
ලංකා ඊ නිව්ස් මීට පෙර වාර්තා කළ පරිදි විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු මාෆියාව සහ කාර්මික නිලධාරීන් අතර ගැටුමද මේ කුමන්තුණයට අධාරකාරී වී ඇත.
බියගම ට්‍රාන්ස්ෆෝමරය බිඳ වැටීමෙන් පසු ඇතිවූ විද්‍යුත් අසමතුලිත තත්ත්වය මත නොරොච්චෝලේ විදුලි උත්පාදක යන්ත්‍රයක්ද බිඳ වැටින.
ඉහත කී බියගම ට්‍රාන්ස්ෆෝමරය විනාශ කිරීමේ සිද්ධිය පිලිබඳ මේ වන විට රස පරීක්ෂක වරයාගේ වාර්තාවක් ආණ්ඩුව විසින් කැඳවා තිබෙන අතර රස පරීක්ෂක වරයා හෙටම ඒ සම්බන්ධයෙන් වූ තම වාර්තාව ලබා දීමට කටයුතු කරමින් සිටී.
ආරක්ෂක හමුදා තුල ප්රතිවිප්ලවකාරීන් විසින් ඇති කර තිබෙන කුමන්ත්‍රණය පිලිබඳ හෙලිදරව්වක් ද ලංකා ඊ නිව්ස් මීට දින කිහිපයකට පෙර හෙලි කෙළේය.
---------------------------
by (2016-03-14 12:04:37)