(ලංකා ඊ නිව්ස් -2016.මාර්.12, ප.ව.8.20) පසුගිය කාලය තුල දෙවතාවක්ම විදුලිය බිඳ වැටීම් සිදු වූ අතර එමගින් පාරිබෝගිකයන් පත් වූ අපහසුතාවය පිළිබඳ කනගාටුවට පත්වන අතර ඒ සඳහා සමාව අයැද සිටිනවා යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර සිටි. ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ කෑගල්ල ප්‍රදේශයේදී හදිසි පුවත්පත් සාකචජාවකට සහභාගි වෙමිනි. අද දින වූ විදුලි බිද වැටීම සම්බන්දයෙන් ගැඹුරින් අධ්‍යනය කර නිශ්චිත විසඳුම් ලබා දීමට කටයුතු කරන බව ද හේ පැවසීය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක වූ ඇමැතිවරයා..
පසුගිය කාලය තුල දෙවතාවක්ම විදුලිය බිද වැටීම් සිදු වූ අතර එමගින් පාරිබෝගිකයන් පත් වූ අපහසුතාවය පිළිබද කනගාටුවට පත්වන අතර ඒ සදහා සමාව අයද සිටිනවා. එම බිද වැටීම සම්බන්දව අදාළ වාර්ථා ඉදිරිපත් වීමටත් මත්තෙන් විදුලි බිඳ වැටීමක් සිදු වූ නමුත් හෙට උදෑසන වන විට මේ සම්බන්ධව අධ්‍යනය කිරීමට පත් කල කමිටු සහ අදාළ පාර්ශව කැඳවා මේ පිලිබඳව විමර්ශනය කිරීමට කටයුතු කරනවා.
අදාළ කමිටු නිරීක්ෂණ වලින් අනතුරුව සිදු වී ඇති තත්වය පිලිබඳව ජනතාව දැනුවත් කිරීමට සුදානම්. විදුලි බල සේවාව වඩාත් කාර්යක්ෂම ලෙස ජනතාවට ලබා දීමට තමන් අප කැපවී කටයුතු කරන බවද රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර සිටියේය .
---------------------------
by (2016-03-13 15:09:13)