(ලංකා ඊ නිව්ස් -2016.මාර්.13, ප.ව.7.00) රට පුරා විදුලිය නැතිව දැනට පැය 5 කට ආසන්නය. අදත් මුළු රටේම විදුලිය ඇණ හිටියේය. මීට හේතුව කුමක්දැයි වගකිව යුත්තන් කිසිවක් නොකියයි.
අද පස්වරු 2.30 ට පමණ රට පුරා විදුලිය විසන්ධි විය. පෙබරවාරි 25 වැනිදා ද දිවයින පුරා විදුලිය බිඳ වැටුණු අතර එදින දෙපැයකට ආසන්න කාලයක් කොළඹට ද අනෙකුත් ප්රදේශවලට පැය හතරකට වැඩි කාලයක්ද විදුලිය ඇණ හිට තිබිණි. ඒ පිළිබඳ සොයා බැලීමට කමිටුවක්ද පත් කැරුණු අතර කමිටු වාර්තාව මාසයකින් සපයන ලෙස නියම කැර තිබිණි.
එයින් දින 17කට පසු දෙවැනි වරටත් රටපුරා විදුලිය බිඳ වැටිණි. විදුලිය බිඳ වැටීම ගැන විදුලි බල මණ්ඩල සභාපතිවරයා පවසන්නේ තමා මෙයින් ඉමහත් ලැජ්ජාවට පත්වන බවත් විදුලිය ලැබුනු සැනින් ඉල්ලා අස්වන බවයි.
රට පුරා පැය 5 ක් පමණ විදුලිය නැති වන රටකට එන විදේශ ආයෝජකයා කව්ද? මෙය කිසියම් කණ්ඩායමක කඩා කප්පල් ක්රියාවක්ද? පරණ බලාගාරයක් අලුතින් පාට ගා නොරොච්චෝලේ සවිකරමින් ගසා කෑ රාජපක්ෂලා සහ චීනුන් වගකිව යුතු නැතිද ? බලධාරීන් පිලිතුරු දිය යුතුය.
---------------------------
by (2016-03-13 13:40:08)