(ලංකා ඊ නිව්ස් -2016.මාර්.12, ප.ව.11.30) ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් ජනමාධ්‍යවේදීන් සඳහා තීරු බදු රහිත යතුරු පැදි ලබාදෙන බවට වත්මන් ආණ්ඩුව පොරොන්දුවක් දුන් බවත් ඒ අනුව තීරුබදු රහිත යතුරු පැදි ලබා ගැනීම සඳහා තමන් අයැදුම් කළ බවත් එම යතුරු පැදි ලබා දීම සඳහා මේ වන විට ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් තමන්ට යොමු කර ඇති ලිපියට අනුව එම පොරොන්දුව කඩ කර ඇතැයි වෘත්තීය පත්‍ර කලා වේදීන්ගේ සංගමය ඇමැතිවරයාට ලිපියක් යවමින් පවසයි.
ඒ මෙසේය.
“ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් එවා ඇති එකී ලිපියේ දැක්වෙන්නේ දැනට වෙළඳපොලේ ඇති මිලට යතුරු පැදියක් මිලදී ගැනීම සඳහා බැංතු මගින් ණය මුදලක් ලබාදෙන බවත් එකීණය මුදලේ පොලියෙන් කොටසක් රජය විසින් ගෙවන බවත් ය.
මේ වූ කලී පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින්ද යතුරු පැදි පරිගණක හා කැමරා උපකරණ ලබා ගැනීම සඳහා ජනමාධ්‍ය වේදීන්ට බැංකු මගින් ලබා දුන් ණය ක්රමයම බව අමුතුවෙන් කිව යුතු නැත.
එසේම පසුගිය ආණ්ඩුව ඉහත ණය ක්‍රමයේදී ආණ්ඩුව විසින් ගෙවනවා යැයි පොරොන්දු වූ පොලී ප්‍රතිශතයද බැංකු වලට නොගෙවීමේ තත්වය තුල එම සම්පූර්ණ පොලී මුදලද ගෙවීමට ජනමාධ්‍යවේදීන්ට සිදුවූ අතර මේ වන විට ඔබ අමාත්‍යාංශය විසින් යතුරු පැදි මිලදී ගැනීම සඳහා ජනමාධ්‍ය වේදීන්ට නිකුත් කර ඇති ණය යෝජනාවේ ඇති ආණ්ඩුව විසින් ගෙවනවා යැයි කියන පොලී ප්‍රතිශතයද තමන්ට ගෙවීමට සිදුවේද යන සැකය ජනමාධ්‍ය වේදීන්ට ඇති වී ඇත.
එම නිසා ඉහත කරුණු පිලිබඳව ඔබගේ අවධානය යොමු කරමින් වරදක් සිදුවී ඇතිනම් එය නිවැරදි කිරීමෙ කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිමු.“
අත්සන් කෙළේ
ලසන්ත රුහුණගේ -සභාපති
දුමින්ද සම්පත් - ලේකම්
---------------------------
by (2016-03-13 02:26:35)