(ලංකා ඊ නිව්ස් -2016.මාර්.11, ප.ව.3.30) මැදමූලන රාජපක්ෂලා ඇතුළු රෙජීමයේ හොරු පිටරට වල ඇති කළු සල්ලි සුදු කර ගැනීමේ නව ක්‍රමවේදයකට මුල පුරා ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.
මේ වන විට පිටරට සඟවන ලද කළු සල්ලි රටට ගෙන ඒමට නොහැකි වීමෙන් රාජපක්ෂලා ඇතුළු හොරු කල්ලිය යම් මුදල් හිඟයකට මුහුණ පා තිබේ.
මීට පිලියමක් ලෙස මොවුන් විදේශ වලට ගොස් ව්‍යාජ ලෙස ආධාර එකතු කිරීමේ කැම්පේන් එකක් ආරම්භ කර ආධාර මුදල් ලෙස අඟවා තමන්ගේ කළු සල්ලි රටට ගෙන ඒමට සැලසුම් කර තිබේ.
මෙහි ආරම්භක පියවර ලෙස ගෝඨාභය රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන හෙවත් රත්තරන් සහ විමල් වීරවංශ යන නීලකාස හොරු තිදෙනා ලබන 18 වෙනිදා ජපානයේ සංචාරයක යෙදීමට නියමිතය. ජපානයේ තුචිකි සහ සුකුබා යන නගර දෙකේ ශ්‍රී ලාංකිකයන්ගෙන් ආධාර එකතු කිරීමට මොවුන් සැලසුම් කර තිබේ. ‘ජපන් සමන්‘ නමැති වීරවංශගේ හෙංචයියා සංචාරය සූදානම් කර ඇත.
රුපියල් කෝටි 30 යි ලක්ෂ 60 ක් වටිනා ඉඩමක් තම බිරිඳට තෑගි ඔප්පුවකින් දී ඇති විමල් වීරවංශ වැනි කම්බ හොරෙකුට මෙන්ම රත්තරන්, ගෝඨාභයලා වැනි මහජන මුදල් කෝටි ගණනින් හොරා කෑ නීලකාස හොරුන්ට තම අතේ ඇති මුදල් පරිත්‍යාග කරන්නේ අහවල් කැසිල්ලකට දැයි ජපාන ශ්‍රී ලාංකිකයෙකු ලංකා ඊ නිව්ස් හා පැවසීය.
---------------------------
by (2016-03-11 10:10:44)