(ලංකා ඊ නිව්ස් -2016.මාර්.11, ප.ව.2.40) අලි පැටව් බලු පැටව් සේ සලකා නීති විරෝධීව කටයුතු කළ පොල්හේන්ගොඩ ඇලන්මැතිනියාරාමයේ උඩුවේ ධම්මාලෝක සිවුරුකරු දැඩි කොන්දේසි සහිත ඇප මත අද නිදහස් කෙළේය.
ඔහු විසින් ඉදිරිපත් කරන ලද ඇප අයදුම් පතක් සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්රාත් නිශාන්ත පීරිස් මහතා රුපියල් ලක්ෂ 60 බැගින්වූ ශරීර ඇප තුනක් මත ඒ උඩුවේ මුදාහැරියේය
ඇප කරුවන්ගේ පදිංචිය සනාථ කරන ලෙසත් සාක්කි කරුවනට බලපෑම් නොකරන ලෙසත් ධම්මාලෝක හිමියනට නියෝග කෙළේය.
සාක්කිකරුවන්ගේ වත්කම් සහතික ඉදිරිපත් කරන ලෙසද නියෝග කරන ලදී
උඩුවේ ධම්මාලෝක සිවරුකරුට ඇප ලබා ගැනීම සඳහා ඔහුගේ නීතිඥයන් හේතු 4ක් ඉදිරිපත් කෙළේය
අපවත්වී වදාළ අස්ගිරි මහානායක ගලගම අත්ථදස්සි හිමියන්ගේ ආදාහන පූජ්යෝත්වයට සහභාගි විය යුතු බවත්, බන්ධනාගාර නිලධාරීන් සමග ඊට සහභාගි වීම අවමන් සහගත බවත් ඉදිරිපත් කෙරුණු පළමු හේතුවයි. දෙවන හේතුව නම් උඩුවේ ධම්මාලෝක සිවුරුකරු ප්රසිද්ධ ධර්ම කථිකයෙකු වීමයි. ළඟ තබාගෙන සිටි බව අලි පැටවාගෙන් ඔහු කිසිදු ආර්ථික ප්රතිලාභයක් ලබාගෙන නොතිබීම තුන් වැනි හේතුව වන අතර අදාළ සිද්ධියේ වින්දිතයන් කිසිවෙකු නොසිටීම හතරවන හේතුව ලෙස දැක්විණ
මෙම හේතු අතරින් පළමු හා දෙවන හේතු පිළිගත හැකි නමුත් 3 වැනි හා 4 වැනි හේතු පිළිගත නොහැකි බවත් නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥයින් පැවසූහ. අදාළ සිද්ධියේ වින්දිතයන් වන්නේ රජය බව ඔවුහු පෙන්වා දුන්හ.
කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා උඩුවේ ධම්මාලෝක සිවුරුකරුට ඇප ලබාදුන්නේය.
---------------------------
by (2016-03-11 09:11:02)