(ලංකා ඊ නිව්ස් -2016.මාර්.07, ප.ව.3.10) විශ්ව විද්‍යාලවල ආචාර්ය මහාචාර්ය වරුන්ගේ ගුණාත්මය ගැන ඊ නිවුස් කළ හෙළිදරව්වට ස්තුති පුදකරමින් තවත් කරුණු කිහිපයක් මෙසේ හෙලිදරව් කරන්නම්.
අද විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැඩිදෙනෙක් ඇම්.ඒ, පී.එච්.ඩී. ගන්නට යන්නේ ඉන්දියාවට හා චීනයට බව ඇත්තයි. සමහරුන්ගේ පී.එච්.ඩී. තීසීස් පිටු සීයක්වත් නැති තරම්. වැදගත්ම කාරණය වන්නේ ඉන්දියාවට ගොස් අවුරුදු තුනක් ගතකර පී.එච්.ඩී. කර එන අයට හින්දි හෝ ඉංග්‍රීසි භාෂා බැරිවීමයි. චීනයට ගොස් අවුරුදු ගණන් ගතකර එන අයගේ තත්වයත් එබඳුයි. ඒ අයවලුන්ට චීන භාෂාවවත් ඉංග්‍රීසිවත් බැහැ. මේ අය චීනේදීත් ඉන්දියාවේදීත් පී.එච්.ඩී, ඇම්.ඒ. සඳහා ඉගෙන ගත්තේ සහ පර්යේෂණ කළේ සිංහලෙන් බවයි එයින් පෙනෙන්නේ.
මෙසේ චීන. ඉන්දියන් පී.එච්.ඩී. ලබා ඇති ආචාර්ය මහාචාර්යවරුන් ගෙන් බොහෝ දෙනා තමන්ගේ පර්යේෂණ මාතෘකාවවත් හෙළිකරන්නේ නැහැ. ඊට ප්‍රධාන හේතුව තමන් ලියූ ලෙස ඒ රටවල් වල විශ්වවිද්‍යාල වලට ඉදිරිපත් කර ඇත්තේ මේ රටේ වෙනත් කෙනෙක් සිංහලෙන් කළ අධ්‍යයනයක් වීමයි.
මේ අන්දමට අනුන්ගේ අධ්‍යයන සොරකම් කිරීම විශ්වවිද්‍යාල වල පුරුද්දක් බවට පත් වී තිබෙනවා. ඇතැම් විට ශිෂ්‍යයන්ගේ අධ්‍යයනත් ආචාර්යවරු විසින් හොරකම් කරන අවස්ථා වාර්තා වෙනවා.
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජවිද්‍යා අංශයේ මහාචාර්ය මයුර සමරකෝන් ගැන හෙලිදරව් වී තිබේ. එතුමා කළ පොත් හොරකම් ගැන අගනා හෙළිදරවුවක් උපුල් ශාන්ත සන්නස්ගල ඇදුරුතුමාගේ සත්‍යාගාරය පොතේ දැක්වෙනවා. මේ මහාචාර්යවරයා ඇම්. ඒ. උපාධිය සඳහා විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කර ඇත්තේ වසර දෙකකට කළින් ශිෂ්‍යයාවක් බී.ඒ. උපාධිය සඳහා ඉදිරිපත් කළ නිබන්ධනයක්. සන්නස්ගල මහතා ඒ පොත පෙන්වා මහාචාර්යවරයා ගෙන් ප්‍රශ්න අහද්දී ඔහු නිරුත්තර වෙනවා. ශිෂ්‍යයාව ලියා ඇත්තේ තමන් පන්තියේදී දුන් සටහන්ලූ. තමාගේ පොතේ තියෙන්නේත් ඒ සටහන් බවයි ඔහු කියන්නේ.
මේ මහාචාර්යවරයා මූලික සමාජවිද්‍යාව 1 කොටස නමින් පළ කොට ඇති පොතේ හත් වැනි පරිච්ඡේදය ප්‍රසිද්ධ මහාචාර්යවරයෙක් වන නන්දසේන රත්නපාල මහතාගේ අපරාධ විද්‍යාවේ මූලධර්ම 1 යනුවෙන් ලියූ පොතේ මුල් පරිච්ඡේදය හොරකම් කර පළ කිරීමකි. මේ මහාචාර්ය වරයාගේ නමින් පළවී ඇති සමාජානුයෝජනය හා පෞරුෂය පොත මහාචාර්ය රෝලන්ඩ් අබේපාල මහතා ලියූ සිග්මන්ඩ් ප්‍රොයිඩ් හා මනෝ විශ්ලේෂණවාදය නමැති පොතෙන් වචනයෙන් වචනය කොටස් උපුටා ඇතත් ආශ්රිත ග්රන්ථ නාමාවලියෙහි අබේපාල මහතාගේ පොත ගැන දක්වා නැහැ. අබේපාල මහතාගේ පොත 2009 දී පල වූ අතර හොර මහාචාර්යවරයා තමන්ගේ පොත 2007 දී පළකළ බවට දින දක්වා ඇතත් එය බොරුවක් බව පැහැදිළි වෙනවා.
මේ මහාචාර්යවරයාගේ පොත් සොරකම ගැන විශ්වවිද්‍යාලයේ සනාථන මණ්ඩලයේදී ආචාර්යවරු පිරිසක් කරුණු ඉදිරිපත් කළා. එහෙත් හිටපු උපකුලපති මෙන්ම ඒ කාලයේ විශ්ව විද්‍යාල පාලක සභාවේ සිටි වර්තමාන උපකුලපතිත් මේ පොත් සොරකම යට ගසා දැම්මා.
ජයවර්ධනපුර හා කැළණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙක් හා ආචාර්යවරියක් විසින් පළ කළ පොතක් රුහුණු විශ්වව්ද්‍යාලයේ සමාජවිද්‍යා අංශයේ කථීකාචාර්ය හේමන්ත කුමාර මහතා ලියූ සමාජ විද්‍යා ප්‍රවේශය පොතත් පවුල හා සමාජය පොතත් කොපි කිරීමෙන් සාදා ඇති බව හෙළි වුණා. ජයවර්ධනපුරයේ ආචාර්යවරයා හා කැළණියේ ආචාර්යවරිය තමන් කළ වරද ගැන හේමන්ත කුමාර මහතාගෙන් සමාව ඉල්ලා තිබෙනවා.
විශ්ව විද්‍යාල පැත්තේ රවුමක් ගැසීමෙන් මෙවැනි පොත් ලියවෙන තවත් ආකාරයක් අනාවරණය කරගත හැකියි. තමන්ට ලිවීමට ආශාව ඇති විෂයට අදාලව පැවරුමි ලිවීමට ශිෂ්‍යයන්ට නියම කර ඒ පැවරුම් සී.ඩී. තැටියකින් ලබා ගන්නවා. ඉන් පසුව ආචාර්යවරයාගේ නමින් පිට වන පොත දුටු කල ශිෂ්‍යයන්ට සිදු වන්නේ ‘මේ අපේ පැවරුම්‘ යැයි කියා සුසුම් ලෑමටයි.
බාහිර උපාධි පාඨමාලාවට පොත් සම්පාදනයේදීත් මේ පොත් හොරකම ජයටම සිදු වෙනවා. ළමයින්ගේ පැවරුම් හා නිබන්ධන තමන්ගේ නමින් පොත් වශයෙන් පලකොට ඒවා විභාගයට අනිවාර්යය කිරීමෙන් විශාල මුදලක් උපයා ගැනීමට මේ හොර මහාචාර්යලා ක්‍රියා කරනවා.
දේශපාලකයන්ගේ බලපෑම් පමණක් නොව මෙම හොර මහාචාර්ය ආචාර්ය මාෆියාවද සරසවි වලින් අතුගා දැමිය යුතුයි.
(සංවාදයට විවෘතයි)
---------------------------
by (2016-03-07 10:01:23)