(ලංකා ඊ නිව්ස් -2016.මාර්.04, ප.ව.11.15) බීමට පිරිසිදු වතුර පොදක් ඉල්ලූ බැවින් ජන ඝාතක රාජපක්ෂලා විසින් ඝාතනයෙන්ද පහර දීමෙන්ද නොතකා හැරීමෙන්ද පීඩනයට පත්ව දැඩි අසාධාරණයකට ලක්ව සිටි රතුපස්වල ජනතාවගේ සියළු අසාධාරණයන් ඉවත් කර ඒ ජනතාවට සහන සැලසීමට යහපාලන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත් වීමෙන් ජනාධිපති ලේකම් වරයා අද එකඟ වූ බව අතිශය සන්තුෂ්ටියෙන් යුතුව වාර්තා කරමු.
රතු පස් වලදී ප්‍රහාරයට ලක්වූ මාධ්‍යවේදීන් ඇතුළු ගම් වැසියන් 39 දෙනාට වන්දි ලබා දීමටත්, ගම්වැසියන් විසින් ඉදිරිපත් කරන ලද සිතියමක් අනුව ගම්මාන 27 කට රුපියල් 3000 ක අවමයක් යටතේ පිරිසිදු පානීය ජලය ලබා දීමටත්, ගම්වාසීන් 24 ක්ද, 6 ක්ද ඇතුලත් වන පරිදි රෙජීමය විසින් පවරා තිබූ ව්‍යාජ නඩු 2 ක් ඉවත් කර ගැනීමටත් ජනාධිපති ලේකම් වරයා එකඟ විය. මේ සියල්ල ලබන අප්‍රේල් 5 වෙනිදාට පෙර ඉටු කිරීමටද ජනාධිපති ලේකම්වරයා එකඟ විය.
ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයත්, රතුපස්වල සියනෑ පරිසරය සුරැකීමේ ඒකාබද්ධ සංවිධානයත් කලක් තිසේසේ ඉහත කී ඉල්ලීම් ඉදිරිපත් කර තිබිණ.
මෙකී ඉල්ලීම් වෙනුවෙන් ජනාධිපති ලේකම්වරයා සහ අදාල රාජ්‍ය නිලධාරීන් ඇතුලත් විශේෂ සාකච්ඡාවක් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති අතර එහිදී ඉහත කී සියළු ඉල්ලීම් ලබා දීමට ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති ලේකම්වරයා කටයුතු කළේය.
රතුපස්වල හේලිස් ඩිප් ප්‍රොඩක්ට් ග්ලවුස් නිපදවන ෆැක්ටරියක් මගින් ප්‍රදේශයේ ජලයට ඇසිඩ් මිශ්‍ර කිරීම නිසා දූෂිත වතුර වෙනුවට බීමට පිරිසිදු වතුර පොදක් ඉල්ලූ රතුපස්වල ජනතාවගේ සාධාරණ ඉල්ලීම් වලට ඇහුම්කන් නොදුන් එකල රට යටත් කරගෙන සිටි මැදමූලන මෘග රාජපක්ෂ පවුල ජනතාවට යැව්වේ වතුර බවුසර් වෙනුවට යුද ටැංකිය. ජනතාවගේ දුක වෙනුවෙන් උපවාස කිරීමට ඉදිරියට ආවේ තේරිපැහැ සිරිධම්ම හිමියන් මිස අද කුඩු ජාවාරම් කාර මිනීමරුවන්ගේ අතේ පිරිත් නූල් බඳින ඥානසාරලා නොවේ. අවසානයේ 2013 අගෝස්තු 01 වෙනිදා උදේ සිට උද්ඝෝෂනය කළ ජනතාවට ඉවක් බවක් නැතිව වෙඩි තැබීමට රාජපක්ෂලා විසින් යුද හමුදාව යැවීය. එවක යුද හමුදාපතිව සිටි දයා රත්නායක වැඩ බාරගත්තේද එදින වන අතර ඔහුගේ මංගල ක්‍රියාව වූයේ දේශප්‍රිය ගුණවර්ධන නමැති මිනීමරු බ්රිගේඩියරයා යවා නිරායුධ ජනතාවකට වෙඩි තැබීම ය. වෙඩි තැබීමෙන් අකිල සහ රවිශාන් නමැති පාසැල් යන දරුවන් දෙදෙනෙකු ඝාතනය වූ අතර පුෂ්පකුමාර නමැති රැකියාවක් කළ එක් දරු පියෙකුද ඝාතනය විය. මාධ්‍යවේදීන් ඇතුළු 39 දෙනෙකු හමුදාව කළ ම්ලේච්ඡ පහර දීමෙන් තුවාල ලබා රෝහල් ගත කරන ලදී.
අද ඉතිරිව ඇත්තේ එම අපරාධය කළ වුන්ට දඬුවම් දීම පමණි.
---------------------------
by (2016-03-04 20:14:44)