(ලංකා ඊ නිව්ස් -2016.මාර්.02, ප.ව.7.25) රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම භාරත ලක්ෂ්මන් ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු මෙන්ම රාජපක්ෂ රෙජීම යුගයේ සිදුකරන ලද අපරාධ රැසක සාක්කිකරුවක් වූ ‘සිරිනායක පතිරණගේ චමින්ද රවි ජයනාත්‘ හෙවත් ‘දෙමටගොඩ චමින්ද‘ හෙවත් ‘කුඩු චමින්ද‘ හෙවත් ‘මෝඩ චමින්ද‘ හෙවත් ‘මෝලා‘ නමැති පාතාල නායකයාට භාරත නඩුවට සහභාගි කරවා ආපසු ගෙන යද්දී අද සවස සාහසික කල්ලියක් විසින් වෙඩි තබා ඇත.
දෙමටගොඩ සමන්තා සිනමා ශාලාව සමීපයේදී බන්ධනාගාර බස්රථය අවහිර කළ කළ අංක KE - 2018 දරණ කළු පැහැති හයිබ්‍රිඩ් මෝටර් රථයකින් සහ තවත් යතුරු පැදියකින් පැමිණි සාහසිකයන් පිරිසක් විසින් බන්ධනාගාර රථයට වෙඩි තබා රිය ඇතුලට පැමිණ චමින්දට වෙඩි තබා තිබේ.
සාහසිකයන්ගේ වෙඩි ප්‍රහාර චමින්දගේ බඩ ප්‍රදේශයට වැදී ඇති අතර තවත් තිදෙනෙකුට ද වෙඩි වැදී ඇති අතර සිව් දෙනෙකු රෝහල් ගත කර සිටිති. බන්ධනාගාර නිලධාරීන් විසින් සාහසිකයන්ට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර සාහසිකයන් කිහිප දෙනෙකුටම වෙඩි වැදෙන්නට ඇතැයි පොලිසිය පවසයි. සාහසිකයන්ගේ පතොරම් ගැබක් බිම වැටී තිබී හමුවී ඇත.
භාරත ඝාතනය මෙහෙයැවූ ගෝඨාභය රාජපක්ෂගේ සට්ටැඹියා හිටපු මන්ත්‍රී දුමින්ද ආර් සිල්වාගේ සමීපතම ගෝලයෙකු වූ දෙමටගොඩ චමින්ද භාරතට වෙඩි තැබීමෙන් පසු දුමින්ද ආර් සිල්වා රෝහලට ගෙන ආ රථයේ සිටියේ ය. එම රථය පැදවූයේ දෙමටගොඩ චමින්දගේ ගෝලයෙකු මෙන්ම තවත් කුඩු ජාවාරම් කරුවෙකු වූ තිලාන් නමැත්තෙකි. තිලාන් ද කුඩු කිලෝ එක හමාරක් සමග අත් අඩංගුවට ගෙන සිටියදී වරක් රාගම රෝහලින් පැන ගියේ ය. ඔහු වෙස් වලාගෙන පිටරටකට පලා යන්නට උත්සාහ කළ අවස්ථාවකදී ත්‍රස්ත මර්දන අංශය මගින් කටුනායකදී අත් අඩංගුවට ගෙන මේ වන විට යලිත් ඉන්නේ රිමාන්ඩ් බන්ධනාගාරයේ ය.
භාරතට වෙඩි තැබීමෙන් පසු දෙමටගොඩ චමින්ද ඉන්දියාවට පලා ගිය අතර ඉන්දියාව විසින් ඔහු ලංකාවට පිටත් කර එව්වේ ය. එසේ පැමිණෙද්දී කටුනායකදී අත් අඩංගුවට පත් වූ නමුත් එවක ගෝඨාභයගේ ආරක්ෂක අංශ ප්‍රචාරය කෙළේ දෙමටගොඩ චමින්ද ඉන්දියාවේදී අත් අඩංගුවට ගෙන රැගෙන ආ බවකි.
භාරත ලක්ෂ්මන් ඝාතනයට අත් අඩංගුවට ගැනීමට පෙර දෙමටගොඩ චමින්ද සහ කරාටේ ධම්මික ඇතුළු පාතාල නායකයන් ක්‍රියා කෙළේ ගෝඨාභයට අවශ්‍ය නිල නොවන ඝාතන මෙහෙයවන කල්ලි ලෙසය. දෙමටගොඩ චමින්ද ප්‍රසිද්ධියේම අරලියගහ මැදුරේ ‘ලොක්කාගේ යුනිට්‘ එකක වැඩ කරනවා කියමින් පෙනී සිටියේය. අපූරුම කතාව නම් ගෝඨාභයගේ හෙංචා සංවිධානයක් වූ බොදු බල සේනාවේ දෙමටගො සංවිධායක ලෙස ක්‍රියා කෙළේද දෙමටගොඩ චමින්ද වීමයි. පසුගියදා බොදු බලයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර නම් සිවුරුකරුවා රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියදී ඔහු නාවා රෙදි හෝදා දුන්නේ ද දෙමටගොඩ චමින්ද යැයි ඔහුට හිතවත් මාධ්‍ය වාර්තා කර තිබින,
භාරත ඝාතනයත් සමග මෙකී පාතාල නායකයන් අත් අඩංගුවට පත් වී රාජපක්ෂලා වෙනුවෙන් සිදුකරන ලද ඝාතන හෙලිදරව් කරාවි යන බිය නිසා ඔවුන් ඝාතනය කිරීමට ගෝඨාභය තම හමුදා අංශ යෙදැවීය. ඒ අනුව එස්ටීඑෆ් 3 කගෙන්ද ගජබා සෙබළුන් 3 කගෙන්ද තිසර සමරසිංහ විසින් දුන් නාවික සෙබලූන් 3 කගෙන්ද සමන්විත තම සුවිශේෂ විශ්වාසී තවත් මිනීමරු කණ්ඩායමක් යොදවා කරාටේ ධම්මික අතුරුදහන් කරවීය. නමුත් ඉන්දියානු සම්බන්ධයක් ද සහිතව දෙමටගොඩ චමින්ද නිල වශයෙන් අත් අඩංගුවට පත්ව සිටි බැවින් දෙමටගොඩ චමින්ද ඝාතනය කිරීමට නොහැකි විය. ආයුධ පෙන්වන්න ගෙන ගොස් ඝාතනය කිරීමට කිහිප වරක් උත්සාහ කළද ඒවා ඊට පෙර හෙලිදරව් කිරීම නිසා කර ගැනීමට නොහැකි විය. ගෝඨාභයලා දෙමටගොඩ චමින්ද අත් අඩංගුවට ගත් සීඅයිඩියේ සහකාර පොලිස් අධිකාරී සමුද්‍රජීව සීඅයිඩියෙන් එළවා දැම්මේය.
දෙමටගොඩ චමින්ද යනු රාජපක්ෂ යුගයේ අපරාධ රැසක ප්‍රබල සාක්කි කරුවෙකි. ඔහු ඝාතනය කර සාක්කි වසා දැමීමට රාජපක්ෂ ගෝඩ් ෆාදර්ලා උත්සාහ කෙළේ අදක ඊයේක නොවේ.
ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත මේ වන විට වාර්තා වන අන්දමට මෙම වෙඩි තැබීම බ්ලූ මැන්ඩල් සංඛ නමැති ආමි සම්පත්ගේ ගෝලයා විසින් කොන්ත්‍රාත් ක්‍රමයට කරන සිදුකරන ලද්දක් යැයි සැක කරති.
(සේයාරූ ලංකාදීපයෙනි)
---------------------------
by (2016-03-02 14:13:24)