(ලංකා ඊ නිව්ස් -2016.පෙබ.27, ප.ව.11.40) මනෝ භ්‍රාන්තියකින් පෙලෙන මාෆියා දොස්තර පාදෙනිය ඇතුළු මරාවාදී ගෝත්‍රික නඩය තවම කෙටුම්පත් කර හෝ නැති එට්කා ගිවිසුමකට විරෝධය පාද්දී ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමයද ඔවුන්ට සහාය දෙනවා යයි එම සංගමයේ සභාපතිගේ සහ ලේකම් ගේ අත්සන් හොරට ගසා ලියැවිල්ලක් නිකුත් කර ඇතැයි එම සංගමයේ සභාපති සහ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. පාදෙනියලා මේ ආකාරයටම 2012 වසරේ දී ද ඔවුන් විසින් පළ කළ ප්රකාශනයක වෛද්‍ය ආඥාපනතේ 67 ඒ වගන්තිය හිතාමතාම විකෘති කර කූඨ පළ කර තිබූ අතර දැන් පවසන්නේ එය ‘ප්‍රින්ටින් මිස්ටේක්‘ එකක් බවයි. පාදෙනියලාගේ කූඨ ලියැවිල්ල ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.
මාධ්‍ය නිවේදනයයි..
දෙදහස් තුන්සියයකට ආසන්න සාමාජික සංඛ්‍යාවක් සිටින ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිකයන්ගේ සංගමය වන අප සංගමයේ ප්‍රකාශයක් ලෙස හුවා දක්වමින් වෘත්තීය සංගම් කිහිපයක් විසින් රජයට එරෙහිව විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු කරන බව අප සංගමයට දැන ගන්නට ලැබී ඇත.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ශ්‍රී ලංකාවේ විද්වත් වෘත්තිකයන්ගේ ධාරිතා සංවර්ධනය ඇති කිරීමෙහි ලා විදේශීය විද්වත් වෘත්තිකයන්ගේ සහාය අවශ්‍ය අවස්ථාවලදී ලබා ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා ද මං පෙත් විවර කරමින් ශ්‍රී ලංකාව තුල ආයෝජන අවස්ථා වැඩි කරමින් රැකියා දස ලක්ෂයක් මෙරට තරුණ තරුණියන් අතර ඇති කරලීම සඳහා කටයුතු කිරීම වෘත්තීය සංගමයක් වන අප සංගමයේ ප්‍රසාදයට ලක් වන කරුණකි. එසේ තිබියදී අප සංගමයේ සභාපතිවරයා වන මාගේ අත්සන සහ ගරු ලේකම්වරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ගනිමින් නුදුටු සහ මේ දක්වා අත්සන් කර නොමැති සීපා හෝ එට්කා හෝ ගිවිසුමකට අප සංගමයේ විරුද්ධත්වයක් ඇතැයි සඳහන් කරමින් වෘත්තීය සංගම් කිහිපයක් සාවද්‍ය ලෙස කූඨ ලේඛන සකසා ප්‍රසිද්ධ කිරීම සම්බන්ධව අප සංගමයේ දැඩි විරෝධය පළ කරන්නෙමු.
එට්කා ගිවිසුම පිලිබඳව මනාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ පිලිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන බවද වැඩි දුරටත් දන්වා සිටිමු.
අත්සන් කෙළේ
අයි.එම්.කේ.බී. ඉලංගසිංහ - ගරු සභාපති
ලාල් දිසානායක - ගරු ලේකම්
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමය
2016 පෙබ. 25
---------------------------
by (2016-02-27 23:47:57)