(ලංකා ඊ නිව්ස් -2016.පෙබ.26, ප.ව.10.30) පාර්ලිමේන්තුවේ අද(26) පැවැති පක්ෂ නායක රැස්වීමේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විපක්ෂයේ අසුන්ගෙන සිටින කණ්ඩායම හෙවත් ඒකාබද්ධ හොර පොල් කණ්ඩායම හෙවත් රාජපක්ෂ වහලුන් ලෙස හඳුන්වන කණ්ඩායම විසින් කර ඇති විවිධ ඉල්ලීම් කෙරෙහි නැවත වරක් අවධානයට ලක් කරන ලදී.
ඒ අනුව කථානායකවරයා විසින් ඉහත මන්ත්‍රී කණ්ඩායමේ ඉල්ලීම් සම්බන්ධව මෙතෙක් ලබා දී ඇති පහත සඳහන් විසඳුම් පිළිබඳව අවධානයට ලක් විය.
* ඒ අනුව මෙකී ඒකාබද්ධ හොර පොල් කණ්ඩායම වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමේන්තුවේ වෙන් කරන ලද කාලයෙන් 50% කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා දීම.
* පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාව, කෝප් කමිටුව වැනි කමිටු වලට සාමාජිකයන් පත් කිරීමේදී ඒකාබද්ධ හොර පොල් කණ්ඩායමට ද සාපේක්ෂව ප්‍රමාණවත් නියෝජනයක් ලබා දීම.
* පාර්ලිමේන්තුවේ කල්තැබීමේ යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාවේදී එම කණ්ඩායමටද අවස්ථාව ලබා දීම යන කරුණු පෙන්වාදෙනු ලැබීය.
එමෙන්ම ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රශ්ණ ඇසීමේ අයිතිය පිළිබඳව තීරණය වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාට නමුත් ඔහුගේ අනුමැතිය පරිදි අවස්ථානුකූලව එම අවස්ථාව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට ද ලබා දිය හැකි බවද කතානායකවරයා පෙන්වා දුන්නේය.
---------------------------
by (2016-02-26 17:18:03)