(ලංකා ඊ නිව්ස් -2016.පෙබ.23, පෙ.ව.7.30) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සේයාරුවක් ලෝකප්‍රකට නැෂනල් ජෝග්‍රැෆි මාධ්‍ය ආයතනයේ නැට් ජියෝ නම් ඉන්ස්ටග්‍රෑම් වෙඩ් අඩවියේ සේයාරුවක් සඳහා තෝරාගෙන තිබේ. එම සේයාරුව නම් ජනාධිපතිවරයා පසුගියදා බාලදක්ෂ ජම්බෝරියකට සහභාගී වූ අවස්ථාවේදී බංග්ලාදේශයෙන් පැමිණි බාලදක්ෂිකාවක් වූ සන්ජිතා නම් දැරියකගේ සෙල්ෆි සේයාරුවකට පෙනී සිටි අන්දමයි.
නැට් ජියෝ ඉන්ස්ටග්‍රෑම් අඩවිය සමග ලොව පුරා මිලියන 45 ක පමණ ජනතාවක් එක්ව සිටින අතර මෙතෙක් එවැනි සේයාරූ දස දහසකට අධික සංඛ්‍යාවක් පළ කර තිබේ. කෙසේ වෙතත් මෛත්‍රී ජනාධිපතිවරයාගේ සේයාරුව පළ වී පැය දෙකක් තුල හැට හත් දහසකට අධික සංඛ්‍යාවක් ඊට කැමැත්ත පළකර තිබේ. 375 ක් ඒ ගැන විවේචන පළ කර ඇත.
මෙහි දැක්වෙන්නේ එම සේයාරුවයි.
ජනාධිපතිවරයා පසුගියදා සාර්ථක යුරෝපීය රටවල් දෙකක සංචාරයක යෙදුනු අතර ඒ ජර්මනිය සහ ඕස්ට්‍රියාව විය. ජර්මනියට ශ්‍රී ලංකාවේ නායකයෙකු ගියේ වසර 42 කට පසුව වන අතර ඕස්ට්‍රියාවෙන් මෙතෙක් කිසිදු ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකු ඇරියුම් ලබා තිබුනේ නැත. මෛත්‍රී පළමුවැන්නා විය. මෙම රටවල් දෙකේදීම ආයෝජකයන් හමුවූ අතර ජර්මනියේ දී 200 ක් පමණ ද ඕස්ට්‍රියාවේදී 100 ක් පමණද ආයෝජකයෝ සහභාගී වූහ. ලංකාවේ ආයෝජනය කිරීමට දැඩි උනන්දුවක් යුරෝපීය ආයෝජකයන් තුල තිබිණ.
---------------------------
by (2016-02-23 02:22:37)