(ලංකා ඊ නිව්ස් -2016.පෙබ.22, ප.ව.11.30) මහින්ද රාජපක්ෂගේ චෞර පාලන යුගයේදී තම හිතවත් හෙංචයියන්ට රාජ්‍ය බැංකුවක් වූ ලංකා පුත්‍ර බැංකුව මහ දවල් මංකොල්ලා කන්න ඉඩ දී තිබූ හැටි රන්ජන් රාමනායක ඇමැතිවරයා පසුගියදා මාධ්‍ය හමුවකදී හෙළි කෙළේ එම බැංකුවේ සභාපතිවරයා දුරකථනය මගින් සාක්කි කරුවෙකු ලෙස සම්බන්ධ කර ගනිමිනි.
එහිදී චෞර යුගයේදී රුපියල් බිලියන 5 ක් දේශපාලන හෙංචයියන්ට ණය දී තිබූ බවත් ඉන් රුපියල් බිලියන 2 ක් හෙවත් මිලියන 2000 ක් අය කර ගැනීමට නොහැකිව පොලු තබා ඇතැයිද හෙලි විය. ණය අයකර ගැනීමට නොහැක්කේ ඇප ලෙස තබා ඇත්තේ ව්‍යාජ ඒවා වීමයි. එහිදී හෙලි වූ කාරණා විස්මය දනවන ඒවා විය.
එක් හෙංචයියෙක් ණය ගැනීමේදී බැංකුවට ඇප ලෙස තබා ඇත්තේ මැණික් ගල් කියා තිරුවානා ගල්ය. රාජපක්ෂලාට කඩේ ගිය ජනප්‍රිය සිනමා නළුවෙකු චිත්‍රපටයක් තැනීමට කියා ණය ගෙන ඇත්තේ තක්සේරුකරුවන් විසින් දෙවතාවක්ම ප්‍රතික්ෂේප කරන ලද නොවටිනා නාය යන ඉඩමකි. හදා ඇති චිත්‍රපටයක් ද නැත. තවත් එජනිස පළාත් සභා මන්ත්‍රීවරියක් ණය ගෙන ඇත්තේ බෝට්ටු සෑදීමට කියා වුවත් හදා ඇති එකදු බෝට්ටුවක් හෝ නැත. FCID යේ නියෝජ්‍ය පොලිස්පතිගේ සිට කොස්තාපල් දක්වා ගල් ගසා මරණවා යැයි කී පළාත් සභා ඇමැති ඩී.වී. උපුල් ණයගෙන ඇත්තේ පන්සල් ඉඩමක් ව්‍යාජ ලෙස බැංකුවට තබා ය. කුමාර් දේවපුර නමැති ඇඟලුම් ව්‍යාපාරිකයා කිසිදු ඇපයක් නැතිව ලබා ගෙන දැනට පොලු තබා ඇති මුදල මිලියන 500 කි.
මේ සියලු ණය සඳහා බලපෑම් කර ඇත්තේ මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩාල ප්‍රධානී ගාමිණී සෙනරත් ය. මේවා සම්බන්ධයෙන් දැනට FCID පරීක්ෂණ පැවැත්වේ. රන්ජන් රාමනායක මේ හෙලිදරව්ව කළ වීඩියෝව පහත දැක්වේ ?v=BdfemvAFQWw
---------------------------
by (2016-02-22 20:00:44)