(ලංකා ඊ නිව්ස් -2016.පෙබ.21, පෙ.ව.10.30) ලංකාව ඉන්දියාව සමග අත්සන් කරන වෙළඳ ගිවිසුම අනුව සේවා සපයන වෘත්තිකයන් මෙහි පැමිණෙන්නේ නැතැයිද ගිවිසුම භාණ්ඩ සඳහා පමණකැයිද යලිත් ප්‍රකාශ කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිවිප්ලවවාදීන් සමග සටන ඊයේ යලි මුවහත් කෙළේය. ඒ ඊයේ හම්බන්තොට චාරිකාවේදී ය.
අගමැතිවරයාගේ රට සංවර්ධන කිරීමේ සැලැස්ම පැහැදිලිය. විරැකියාවෙන් පෙළෙන රටක් සංවර්ධිත රටක් නොවන්නේය. ආයෝජකයන් නොමැතිව ලංකාවේ රැකියා අවස්ථා නිර්මාණය කළ නොහැකිය. එසේ නම් විදේශ ආයෝජකයන්ට ඉන්දියාවේ සහ යුරෝපීය වෙළඳ පොලට නිෂ්පාදිත භාණ්ඩ යවන මුව දොරක් ලෙස ලංකාව භාවිතා කිරීමට ඉඩ සලසමින් ඔවුන් ලංකාවට ගෙන්වා ගැනීම ඔහුගේ සැලැස්ම ය. මේ සඳහා කාරණා දෙකක් සම්පූර්ණ කළ යුතුය. එකක් නම් ආයෝජකයන්ට මේ රට ආයෝජනය සඳහා මිත්‍ර රටක් කරවීම හෙවත් ආයෝජකයන්ට භූමිය යටිතල පහසුකම් බදු පහසුකම් ආදිය ලබා දීමය. දෙවැන්න ඔවුන්ගේ භාණ්ඩ ලංකාවේ සිට අපනයනය සඳහා ඉන්දියාව සහ යුරෝපීය රටවල් සමග වෙළඳ ගිවිසුම් අත්සන් කිරීම ය. මැලේසියාව දකුණු කොරියාව ආදී රටවල් දැවැන්ත සංවර්ධනයක් කරා පිය නැගුවේ මෙවැනිම ආර්ථික උපායන් මගිනි.
නමුත් GMOA වේ නායකත්වය වැනි ප්රතිවිප්ලවවාදී මාෆියා කරුවන් ද මරා සමග දඩයමේ ගිය ජඩමාධ්‍ය ද ලංකාවේ සංවර්ධන සැලැස්මට එරෙහිව නැගී සිටිති. අගමැතිවරයා එකී ප්‍රතිවිප්ලවවාදීන් සමග සටන අරඹා තිබේ. ඊයේ හම්බන්තොට සංචාරයක යෙදෙමින් ඔහු මේ පිලිබඳ යලිත් තීරණාත්මක ප්‍රකාශයක් කෙළේය. එය සම්පූර්ණයෙන් පහත දැක්වේ ?v=D091ekSPOu4
---------------------------
by (2016-02-21 05:13:11)