(ලංකා ඊ නිව්ස් -2016.පෙබ.18, පෙ.ව.8.45) වසර 42 කට පසු ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකු ජර්මනියේ සංචාරය කරමින් එරට රාජ්‍ය නායකයා හමුවීම හෙවත් මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ජර්මානු චාන්ස්ලර්වරිය ඇන්ජෙලා මර්කල් හමුව ඊයේ සිදුවිය. සිරිසේන ජනාධිපතිවරයා වෙනුවෙන් යුද හමුදා ආචාර පෙළපාලියක් පැවැති අතර රාජ්‍ය නායකයන් දෙදෙනා එය පිරික්සූහ. ද්විපාර්ශික සාකච්ඡා වලින් පසුව රාජ්‍ය නායකයන් දෙදෙනා එක්ව මාධ්‍ය හමුවක්ද පැවැත්වූහ.
සාකච්ඡාවලදී ජර්මනිය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහ වෙළෙඳ කටයුතු වර්ධනය කර ගැනීම පිළිබඳ සොයා බැලීමට ජර්මන් ආර්ථික කටයුතු අමාත්‍යවරයා ඇතුළු එරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් ලබන මැයි මාසයේ දී ශ්‍රී ලංකාවට එවන බවට ජර්මන් චාන්සලර් වරිය ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සහතික විය. සංහිඳියා වැඩපිළිවෙළ පිළිබඳව අදහස් පළ කළ ඇය උතුරේ සහ දකුණේ ජනතාව අද සතුටින් ජීවත්වන බව තමාට අසන්නට ලැබුණු බවත් උතුරේ ජනතාවගේ සුබසාධන කටයුතු සඳහා ජර්මන් රජයේ සහය ලබා දෙන බවත් කීවාය. ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස සිරිසේන මහතා මෙහිදී ඇන්ජෙලා මර්කල් මහත්මියට ආරාධනා කර සිටි අතර එම ආරාධනය චාන්සලර්වරිය විසින් ඉතා කැමැත්තෙන් පිළිගනු ලැබීම ද විශේෂ සිදුවීමක් විය.
අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රවී කරුණානායක, මහින්ද සමරසිංහ, දයා ගමගේ, මලික් සමරවික්‍රම, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කරුණාතිලක අමුණුගම යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
එකී අවස්ථාවන්හි සේයාරූ මෙහි දැක්වේ.
---------------------------
by (2016-02-18 03:36:01)