(ලංකා ඊ නිව්ස් -2016.පෙබ.10, ප.ව.11.50) ලංකාව සහ ඉන්දියාව අත්සන් කිරීමට සූදානම් නමුත් ඒ ගැන තවමත් නිශ්චිත අවසන් ලියැවිල්ලක් නැති ඉන්දු -ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂනික සහයෝගිතා (Indo-Lanka Economic and Technical Cooperation Agreement -ETCA) ගිවිසුමකට විරෝධය පෑමක් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ (GMOA) මාෆියා කණ්ඩායම හෙට(11) සූදානම් කර ඇත. (වකුගඩු ජාවාරමුන් ආරක්ෂා කිරීම නිසා මාෆියාවක් බව තහවුරු විය)
මේ සඳහා සහභාගී විය යුතුම බවත් නැතහොත් මාරුවීම් ලබා නොදෙන බවටත් උතුරු නැගෙනහිර සේවය කරන වෛද්‍යවරුන්ට GMOA වේ මාෆියා නායක පාදෙනිය විසින් නීති විරෝධී ලෙස බලපෑම් කරන බව වෛද්‍යවරු පවසති.
මේ නිසා උතුරු නැගෙනහිර සේවය කරන වෛද්‍යවරුන්ට රෝහල් ප්‍රතිකාර කටයුතු අතහැර දමා රෝගීන් අනතුරේ හෙලා කොළඹ පැමිණීමට සිදුව තිබේ.
පාදෙනිය නම් දොස්තර මාෆියා නායකයා කලක් තිස්සේම මෙකී උතුරු නැගෙනහිර වෛද්‍යවරුන් තම අන්තේවාසික රූකඩ බවට පත් කරගෙන සිටී. ඒ ඔවුන් විසින්ම සකස් කරන ලද මාරුවීම් ලැයිස්තු ක්‍රමයක් අවභාවිතා කරමිනි.
උතුරු නැගෙනහිර සේවය කරන අයට වසරකින් තමන් කැමැති අනෙක් ස්ථානයකට මාරු වීමක් ලබා ගත හැකිය. අන් ප්‍රදේශවල සේවය කරන අයට තමන් කැමැති ස්ථානයකට මාරුවීමක් ලබා ගැනීමට නම් වසර 4 ක් සේවය කළ යුතුය. මෙය යුද්දය පැවැති කාලයේදී වෛද්‍යවරුන් එම පළාත්වල සේවයට යෑමට අදිමදි කිරීම නිසා දිරි දීමට සකස් කරන ලද්දක් වුවද යුද්දය නිමා වී වසර 7 ක් ගත වීද එම ලැයිස්තුව GMOA මාෆියා කරුවෝ තවමත් ක්‍රියාත්මක කරති. මෙම ලැයිස්තුව සම්පූර්ණයෙන්ම පවත්වාගෙන යන්නේ GMOA වේ වුවමනා එපා කම් අනුව මිස සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ නොවේ.
පාදෙනිය ඇතුලු GMOA වේ මාෆියා කරුවන් මෙම තත්ත්වය අවභාවිතා කරමින් උතුරු නැගෙනහිර වෛද්‍යවරුන් තම රූකඩ බවට පත් කර තිබේ. වසරකින් තමා කැමැති වෙනත් ස්ථානයකට මාරුවී යාමට කැමැත්තෝ මෙම ලැයිස්තුවට ඇතුලත් කිරීමද වෙනත් අයෙකු ඒ වෙනුවට එවා පෙර කී අය නිදහස් කිරීමේ අයිතියද තිබෙන්නේ GMOA වේ මාෆියා කාරයන් අතේය. මේ අනුව පාදෙනිය ඇතුලු මාෆියා කරුවන් ආකාර දෙකකින් උතුරු නැගෙනහිර සේවය කරන වෛද්‍යවරු රූකඩ ලෙස භාවිතා කරති.
හෙට පැවැත්වෙන උද්ඝෝෂනයට සහභාගී නොවන්නේ නම් වසරාවසානයේ තම මාරුවීම් ලබා ගත නොහැකි බැවින් වෛද්‍යවරු රෝහල් වසා දමා රෝගීන් අනතුරේ හෙලා පාදෙනියගේ කීමට අවනතව මේ වන විට කොළඹ පැමිණෙමින් සිටිති.
පාදෙනිය ඡන්දය දිනීම සඳහාද මේ තිරිසන් තර්ජනයම භාවිතා කරන බව වෛද්‍යවරු පවසති. මෙවැනි පුද්ගලයන් මාෆියා කාරයන් නොවේ නම් වෙන මොකුන්ද..?
---------------------------
by (2016-02-11 02:04:27)