(ලංකා ඊ නිව්ස් -2016.පෙබ.08, ප.ව.11.30) ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට නව සම්ප්රදායක් ගෙන එමින් ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අග්‍රාමාත්‍ය වරයාගෙන් ඍජුව ප්‍රශ්න විමසීමේ අවස්ථාව 10 වෙනිදා සිට ලැබෙනු ඇත.
ඒ අනුව සෑම මසකම පළමු සතියේ බදාදා දෛනික කටයුතු ආරම්භ වීමට පෙර පැය භාගයක කාලයක් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පාර්ලිමෙන්තුවේ දී කෙලින් ම ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලැබෙනු ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතා ඒවාට ඍජු පිලිතුරු ලබා දෙනු ඇත. අසන ප්‍රශ්න ප්‍රතිපත්තිමය ප්‍රශ්න විය යුතුය.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මෙම ක්‍රමය ක්‍රියාත්මක වන අතර මෙරට පාර්ලිමේන්තුවටද එම සම්ප්රදාය හඳුන්වාදීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.
---------------------------
by (2016-02-08 21:03:38)