(ලංකා ඊ නිව්ස් -2016.පෙබ.04, ප.ව.6.30) ශ්රී ලංකාවේ 68 වන ජාතික නිදහස් දිනය ගාලුමුවදොර දී උත්සවාකාරයෙන් අද පැවැත්විණ. රාජපක්ෂ රෙජීමය පළවා හැර දේදුනු විප්ලවය ජයගත් කණ්ඩායම විසින් පවත්වනු ලැබූ දෙවන නිදහස් උළෙල මෙයයි. රාජපක්ෂ රෙජීම යුගයේ මෙන්ම මෙහිදී ද යුදවාදී මානසිකත්වය උලුප්පා දක්වමින් නිදහස් උත්සවය සැමරුවේ ශ්රී ලංකාව එංගලන්තය සමග යුද කොට ජය ගෙන නිදහස ලැබුවාක් මෙනි. කෙසේ වෙතත් වෙනසක් සඳහා සාධනීය යමක් එකතු කර තිබිණ. එනම් ලංකාවේ භාවිත ප්රධාන භාෂා දෙකෙන්ම ජාතික ගීය ගායනා කිරීමයි. ජාතික ගීය සිංහල භාෂාවෙන් ගායනා කොට ආරම්භ වූ උත්සවය අවසන් වූයේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමෙන් පසුවය. කථාවේ දක්ෂ ජනාධිපතිවරයා තම ජාතිය ඇමැතීමේ කතාව හොඳින් ඉටුකෙළේ කිසිදු ටෙලිප්රොම්ටරයක සහායක් නැතිව ය. ජාතික නිදහස් දිනයට සමගාමීව සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි රැඳවියන් 606 කට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා දුන්නේය. ඒ අතර කාන්තාවන් 13 දෙනෙකු වූහ. නිදහස් උත්සවයට විදේශීය තානාපතිවරුන් මෙන්ම ආබාධිත රණවිරුවන්ද සහභාගී වී සිටියහ. ප්රාදේශීය වශයෙන්ද නිදහස් උත්සව පැවැත්විණ. කොළඹ නිදහස් උත්සවයේ දර්ශනීය සේයාරූ කිහිපයක් මෙහි දැක්වේ.
සේයාරූ - සුදත් සිල්වා සහ ලක්රුවන් වන්නිආරච්චි මහත්වරුන් විසින් ගන්නා ලද ඒවාය.
---------------------------
by (2016-02-04 14:58:08)