(ලංකා ඊ නිව්ස් -2016.පෙබ.01, ප.ව.09.30) සිරගත වීම තම පරම පවිත්‍ර ඉල්ලීම කරගනිමින් අධිකරණය තොවිල් පොලක් බවට පත් කළ තවත් සිවුරු කාරයන් දෙදෙනෙකු අද හෝමාගම මහේස්ත්‍රාත්වරයා විසින් රිමාන්ඩ් බන්ධනාගාරගත කෙළේය. ඒ සිහල රාවය හෙවත් ගව රාවයේ මාගල්කන්දේ සුදත්ත හා බඩල්කුඹුරේ ආරියශාන්ත නම් සිවුරුකාරයන් දෙදෙනාය.
ඥානසාර අධිකරණයට අපහාස කෙළේ ද එක්නැලිගොඩ ඝාතකයන් නිදහස් කර තමන්ව රිමාන්ඩ් කරන්නැයි ඉල්ලමිනි. සුදන්ත සහ ආරියශාන්ත සිවුරුකාරයන් චන්ඩින් සේ අධිකරණයේ හැසිරුනේද ඥානසාර නිදහස් කර තමන්ව රිමාන්ඩ් කරන්නැයි ඉල්ලමිනි.
එබැවින් මොවුන් නිදහස් කරන්නැයි ඉල්ලා හිස බූ ගා ගැනීම හෝ පෙත්සම් අත්සන් කිරීම විකාරයකි. විහිළුවකි. මන්ද යත් මේ සිවුරුකාරයන්ගේ පරම පවිත්‍ර ඉල්ලීම වූයේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම නිසාය.
මීට අමතරව ඊයේ තවත් පිරිසක් හෝමාගම වැඩ බලන මහේස්ත්‍රාත් සුදර්ෂණ සූරියප්පෙරුම මහතා විසින් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලදී. ත්‍රී රෝද රියදුරු කේ. කමල් ශාන්ත, මහේෂ් ප්‍රසන්න, සේන කුමාර හා චින්තක සෙනවිරත්න යන පිරිසය. ඔවුහු ද ඥානසාර අධිකරණයට ඉදිරිපත් කරන ලද දින අධිකරණය තොවිල් පොලක් බවට පත් කළ පිරිසේ අය වෙති. ලබන 09 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූ මේ පිරිස එදිනට හඳුනා ගැනීමේ පෙරට්ටුවකටද ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර ඥානසාර අධිකරණයට අපහාස කළ දිනයේදී ද සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට තර්ජනය කළ අතර ඔහු රිමාන්ඩ් බන්ධනාගාරයට ගෙන යද්දී බන්ධනාගාර නිලධාරීන්ගේ අත් අඩංගුවේ සිටියදී ද අධිකරණ භූමියේදී යලිත් වතාවක් එක්නැලිගොඩ මහත්මියට ප්‍රසිද්ධියේ තර්ජනය කෙළේය. මේ තත්ත්වය මත එක්නැලිගොඩ මහත්මිය සිටින්නේ ආරක්ෂාව ලැබිය යුතු තත්ත්වයක ය.
---------------------------
by (2016-02-01 19:27:13)