(ලංකා ඊ නිව්ස් -2016.ජන.27, ප.ව.1.00) 2015 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගෙන් සියයට අසූවක්ම ඡන්දය භාවිතා කෙළේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවීමට නමුත් දෙමළ ජනතාවගේ වැදගත්ම ජාතික සංස්කෘතික උත්සවයක් වන තෛපොංගල් උත්සවයට මෙවර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූයේ නැත. යාපනයේ පැවැති ප්‍රධාන තෛපොංගල් උත්සවට අගමැතිවරයා සහ ජනාධිපතිවරයා සහභාගී වන බව කලින් ප්‍රචාරය කළද ජනාධිපති වරයා ඊට සහභාගී නොවීය. සහභාගී වූයේ අගමැතිවරයා සහ හිටපු ජනාධිපතිනියයි. කොළඹදී හෝ ජනාධිපතිවරයා තෛපොංගල් උත්සවයක් පැවැත්වූයේ නැත. ඔහු තෛපොංගල් දා කිසිදු ගමනකට පිටතට නොගිය අතර මුළු දිනය පුරාම පැජට් පාරේ ඔහුගේ නිවසට වී සිටියේ ය.
ජනාධපති වරයා එසේ වී නමුත් ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වන කාර්යාලය හා බස්නාහිර පලාත් සභාව එක්ව සංවිධානය කරනු ලැබූ කොළඹ දිස්ත්‍රික් තෛයිපොන්ගල් උත්සවය ඊයේ (26) දින බම්බලපිටිය රාමනාදන් හින්දු බාලිකා විද්‍යාලයේදී පැවැත්විනි. මෙහි ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වූයේ කථානායක කරු ජයසුරිය මහතා හා හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යි. එම දෙදෙනා සහභාගී වූ කොළඹ ප්‍රධාන තෛපොංගල් උත්සවයේ සේයාරූ කිහිපයක් මෙහි දැක්වේ.
---------------------------
by (2016-01-27 12:15:09)