(ලංකා ඊ නිව්ස් -2016.ජන.26, ප.ව.10.40) රාජපක්ෂ මෘග යුගයේ වංචා දුෂණ හා අපරාධ කළ පුද්ගලයින්ට දඬුවම් දෙන බවට ජනාධිපතිවරයා හා අගමැතිවරයා පසුගිය මැතිවරණ සමයේ අවධාරණය කළ ද ඔවුන් කිසිවෙකුට මේ දක්වා දඬුවම් ලබා නොදී තිබීමෙන් රටේ නීතිය කඩා වැටීමකට ලක් වී ඇතැයිද මෙම තත්ත්වය නිවැරදි කර ගැනීමට සති දෙකක කාලයක් ලබා දෙන බවද පුරවැසි බලය අද මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.
වෙනසක් ඇති කිරීම සඳහා ජනතාව බලය දුන්නේ චීවරයක් පටලවා ගෙන ජාතිවාදය අවුස්සන අයට ඉඩ දෙන්නදැයි ප්‍රශ්න කෙරින. රණවිරුවන් ගැන කතා කරන්නේ නම් අස-රණ විරුවන් වූ ජනතාව ගැන කතා කරන්නේ කව්දැයිද ප්‍රශ්න කෙරිණ. රජය කාර් එකකින් යන ගමනට රෝද ලෙස සවිකර ගෙන ඇත්තේ කරත්ත රෝද යැයිද එක් කරත්ත රෝදයක් පොලිස්පති වරයාද තවත් කරත්ත රෝදයක් නීතිපතිවරයාද වී ගමන බාල කරන්නේ යැයි චෝදනා කෙරින.
මෙම මාධ්‍ය හමුවට පුරවැසි බලය නියෝජනය කරන සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ කැඳවුම් කරු මහාචාර්ය සරත් විජේසූරිය, ආචාර්ය චන්ද්‍රගුප්ත තේණුවර, සමන් රත්නප්‍රිය, ධර්මසිරි බණ්ඩාරනායක, චමීර පෙරේරා, ජෝෂප් ස්ටාලින් ආදී සිවිල් සහ වෘත්තීය සංවිධාන නායකයන් විශාල පිරිසක් සහභාගී වූහ. එකී මාධ්‍ය හමුවේ වීඩියෝවක් මෙහි දැක්වේ ?v=wmfHqOFmoqU
---------------------------
by (2016-01-26 21:40:47)