(ලංකා ඊ නිව්ස් -2016.ජන.26, පෙ.ව.7.20) පසුගිය වසරේදී යහපාලනප්‍රේමී ජනතාව විසින් සිදුකළ දේදුනු විප්ලවයෙන් පසුව ශ්‍රී ලංකා පොලිසියේ ස්ථාපනය කරන ලද FCID ය (Financial Crimes Investigation Division) හෙවත් ‘මූල්‍ය අපරාධ විමර්ශන අංශය‘ වසා දැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැතිවරයා රටේ නොසිටිය අවස්ථාවේදී කුමන්ත්රණයක යෙදී ඇති බව ලංකා ඊ නිව්ස් විසින් ශ්‍රී ලංකාවේ ජනතාව වෙත වගකීමකින් යුතුව නිවේදනය කරමු.
මෛත්‍රීපාල මහතා FCID ය වසා දැමීමට යන්නේ FCID ය විසින් නඩු පවරා ඇති බැසිල් රාජපක්ෂ බේරා ගෙන එ මගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා වෙනත් පක්ෂයක් හැදීම අඩාල කරවා තමාට ශ්රීලනිපය තුල බලය තහවුරු කර ගැනීම සඳහා ය. ශ්‍රීලනිපයේ රාජපක්ෂ ගේ කණ්ඩායම සමග සම්මුතියක් ගොඩ නගා ගැනීමට තීරණාත්මක ලෙස එරෙහි වී ඇත්තේ බැසිල් රාජපක්ෂ නිසා ඔහුගේ නඩු හබ බේරා ෂේප් කර ගෙන රාජපක්ෂගේ ‘හොරු වෙනුවෙන් හොරු‘ කල්ලිය සමග සම්මුතියකට ඒම මෛත්‍රීපාල සිරිසේනගේ අභිප්‍රාය වී තිබේ.
මේ රටට ලෝක ප්රාග්ධනය ගෙන ඒම සඳහා අගමැතිවරයා ස්විට්සර්ලන්තයේ පැවැති ලෝක ආර්ථික සමුළුවට සහභාගීව සිටියදී ජනාධිපති මෛත්‍රීපාල විසින් කිසිදු ඇමැතිවරයෙකුට නොදන්වා FCID ය නීත්‍යාණුකූල දැයි විමසා නීතිපතිවරයා වෙත ලිපියක් යවා තිබේ. මෙහි ඇති කුමන්ත්රණකාරී තත්ත්වය වන්නේ මේ වන විට නිල වශයෙන් නීතිපති වරයෙක් පත් කර නැති අතර යුවන්ජන මහතා විශ්‍රාම යෑමෙන් පසුව නීතිපති ධූරයේ වැඩ බලන රාජපක්ෂවාදී බත්බැලයෙකු වන සුහද ගම්ලත් මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසා තීන්දුවක් ගැනීමට තැත් කිරීමයි.
මුළු ලංකාවම දන්නා පරිදි සුහද ගම්ලත් යනු බැසිල් රාජපක්ෂගේ ඉල ඇටයකින් නිර්මාණය කරන ලද රාජපක්ෂ සුහදයෙකි.
දැනට ක්‍රියාත්මක කුමන්ත්රණයේ සැලසුම අනුව සුහද ගම්ලත් විසින් FCID ය නීත්‍යාණුකූල නැතැයි තීන්දු කෙරෙන අතර ඉන්පසුව FCID ය අහෝසි කෙරේ. ඉන් ඇතිවන ජනතා විරෝධය මැඩ පැවැත්වීම සඳහා දැනට වැල්ලවත්තේ ක්‍රියාත්මක වන පොලිසියේ වංචා විමර්ශන අංශය FCID ය වෙනුවට නව වර්ණාලේපයකින් යලි උපදවනු ඇත.
මෙය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පොලොන්නරුවේ ‘ගං මුගටි‘ ගැටයකි. ශ්‍රීලනිපයේ බලය ලබා ගැනීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා බිල්ලට දීමට යන්නේ FCID ය යි. මහජනතාවගේ යහපාලන අපේක්ෂාවයි.
මෛත්‍රීපාල සිරිසේන මහතාට අනුක්රමයෙන් හිටපු මැදමූලන මහින්ද රාජපක්ෂ ආවේශ වීමෙන් පසුව රට වැනසූ රාජපක්ෂ රෙජීමයේ ඩීල් සොයා ගැනීම සඳහා ස්ථාපනය කරන ලද FCID ය කෙරෙහි ක්රමික අකමැත්තක් නුරුස්සනා බවක් වර්ධනය විය. එය වෛරීය තත්ත්වයකට මෝරා ගියේ කිලී මහාරාජා විසින් සොරකම් කරන ලද ඩේවිඩ් පේන්ටර් මහතාගේ චිත්‍ර සම්බන්ධයෙන් FCID ය පරීක්ෂණ කිරීමට යෑමේදී ය. මෙම සොරකම සම්බන්ධයෙන් කිලී මහාරාජා අත් අඩංගුවට ගැනීමෙන් බේරා ගැනීමට මැදිහත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා FCID ය බාර නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යාලංකාර මහතාට කුණු හුරුපයෙන් බැන වැදුනේය. ඉන්පසු පළමු උත්සාහය වුයේ රවි විද්‍යාලංකාර FCID යෙන් ඉවත් කිරීමය. එය අසාර්ථක වූ තැන දැන් සමස්ථ FCID ය ම වසා දැමීමට කුමන්ත්‍රණය කරයි.
යහපාලනප්‍රේමී ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව මේවා සම්බන්ධයෙන් අවබෝධයෙන් සිට ගත යුතු ක්‍රියාමාර්ගය නිසි අවස්ථාවේදී නිසි පරිදි ගත යුතුය. යහපාලනප්‍රේමී ජනතාව වත්මන් ආණ්ඩුව බිහි කෙළේ කිසිදු පුද්ගලයෙකුගේ විජිගීෂාවන් වෙනුවෙන් මෘග චෞර රාජපක්ෂලා විසින් කරන ලද සොරකම් වලින්, මෘගකම් වලින් ඔවුන් බේරා ගැනීමට නොවන බව පොලොන්නරුවේ ‘ගං මුගටියෝ‘ දැන ගත යුත්තාහ.
---------------------------
by (2016-01-26 02:27:56)