(ලංකා ඊ නිව්ස් -2016.ජන.20, ප.ව.5.30) මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස අද දිවුරුම් දුන්නේය. අද (20) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ සූරසේන මහතාගේ දිව්රුම් දීම සිදුකෙරිණ.
ප්‍රීති පද්මන් සූරසේන අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබිණ. ජනාධිපතිවරයා කර තිබූ නිර්දේශයට පසුගිය 6 වෙනිදා කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වූ අවස්ථාවේදී අනුමැතිය හිමිවිය. 19 වන සංශෝධනය අනුව ජනාධිපතිවරයාට පෙර දී මෙන් හිතුමතයේ විනිසුරුවරුන් පත් කළ නොහැකි වන අතර ඒ සඳහා ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අවශ්‍ය වේ.
ප්‍රීති පද්මන් සූරසේන මහතා විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති විනිසුරුවරයාද වන අතර ලංකාවේ මත්ද්‍රව්‍ය චෝදනා ලත් පුද්ගලයන් වැඩි පිරිසකට මරණ දඬුවම නියම කර තිබෙන්නේ ද ප්‍රීති පද්මන් සූරසේන විනිසුරුවරයා ය.
---------------------------
by (2016-01-20 17:02:18)