(ලංකා ඊ නිව්ස් -2016.ජන.19, ප.ව.8.30) එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්රී ඒ.ආර්.ඒ.හෆීස් මහතා සිය මන්ත්රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද පාර්ලිමේන්තු මහ ලේකම් වෙත යවා තිබේ.
ඔහු ජාතික ලැයිස්තුව නියෝජනය කෙළේ ශ්රී ලංකා මුස්ලිම් කොන්ග්රසයට වෙන් කරන ලද කෝටා එකෙනි. ඒ.ආර්.ඒ. හෆීස් යනු ශ්රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක රවුෆ් හකීම්ගේ සහෝදරයෙකි. හෆීස් මහතා ඉල්ලා අස්වී ඇත්තේ රවුෆ් හකීම් මහතා කළ දැනුම්දීමක් මත මත බව මුස්ලිම් කොංග්රසයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී එම්.ටී.හසන් අලි ප්රකාශ කර ඇත. හෆීස් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවන මන්ත්රී ධූරය සඳහා මුස්ලිම් කොංග්රසයේම වෙනත් අයකු පත් කෙරෙනු ඇත.
කෙසේ වෙතත් අර්ජුන රණතුංග වැනි අය තම සොහොයුරන්ට පමණක් නොව ඥාති සොහොයුරන්ට පවා තනතුරු පුදද්දී හකීම් තම සොයුරා ජාතික ලැයිස්තු මන්ත්රී ධූරයෙන් ඉවත් කර ගනිමින් ඥාති සංග්රහය පිටු දැකීම යහපත් ය.
එමෙන්ම අභාවප්රාප්ත එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාද එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ බැවින් ඔහුගෙන් වන පුරප්පාඩුවටද එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් අයෙක් පත් කරනු ඇත. එසේ නොමැතිව පරාජිත මන්ත්රීවරයෙක් හෝ වරියක් පත් කිරීමට ද හැකියාවක් ඇති නමුත් පරාජිත අය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් නොකිරීමේ එජාප ප්රතිපත්තිය තව දුරටත් රැක ගන්නේ නම් එවැන්නක් විය නොහැකිය.
---------------------------
by (2016-01-19 18:34:49)