රනිල් සංඝයා වහන්සේලා ප්‍රමුඛ ජපාන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවේ (සේයාරූ)

(ලංකා ඊ නිව්ස් -2015.ඔක්.06, පෙ.ව.11.15) පස් දින නිල සංචාරයක් සඳහා ජපානයට ගොස් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (05) පස්වරුවේ තෝකියෝ නුවර ඉම්පීරියල්හි දී සංඝයා වහන්සේලා ප්‍රමුඛ ජපානයේ පදිංචි ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවිය.

මෙම අවස්ථාවට ජපානයේ ප්‍රධාන සංඝ නායක බානගල උපතිස්ස, මැලේසියාවේ ප්‍රධාන සංඝ නායක අලූබෝමුල්ලේ රතනසිරි, ඇමරිකා එක්සත් ජනපදයේ ග්‍රේඩ් - ලේක් බෞද්ධ මධ්‍යස්ථානාධිපති බ්‍රාහ්මණගම මුදිත යන නාහිමිවරු ඇතුලු මහා සංඝ රත්නය ද, මුදල් අමාත්‍ය රවී කරුණානායක, විද්‍යා සහ තාක්‍ෂණ පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, ජපානයේ නව ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගනාත් දිසානායක යන මහත්වරු ද, ජපානයේ පදිංචි ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ද සහභාගි වූහ.

---------------------------
by     (2015-10-06 06:02:11)